අද (28) දිනයේ ප්‍රදේශ කිහිපයක උණුසුම් දර්ශකය මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව උතුරු-මැද, නැගෙනහිර පළාත් සහ වවුනියාව, මුලතිව් දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මෙලෙස උණුසුම අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ.
මෙම තත්ත්වය තුළ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම, හැකි තාක් සෙවණ ඇති ස්ථානවල රැඳී සිටීම සිදුකළ යුතු අතර කුඩා ළමුන්, වැඩිහිටි හා රෝගී පුද්ගලයින් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.


