අද (25) ප්‍රදේශ කිහිපයක් සඳහා උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව උතුරු – මැද, නැගෙනහිර යන පළාත් සහ වවුනියා, මුලතිව්, සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම අවවාදාත්මක නිවේදනය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.
එම ප්‍රදේශවල ජනතාව මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන ලෙසත් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්.


