අද කොළඹ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙයි

traffic (1)

වෙසක් සැමරුම් උත්සව වෙනුවෙන් කොළඹ නගරය ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලීසිය මහජනතාවට දැනුම් දෙනවා.

වෙසක් කලාපවලට පැමිණෙන රථවාහන ගාල් කිරීම සඳහා ද නම්කරන ලද ස්ථාන කිහිපයක් වෙන්කර ඇති බවයි පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඒ අනුව ගංගාරාම බුද්ධ රශ්මි වෙසක් කලාපයට අයත් රථ ගාල්, බෞද්ධාලෝක වෙසක් කලාපයකට අයත් රථ ගාල් සහ ගාලු මුවදොර ප්‍රදේශය ආශ්‍රිත රථ ගාල් කිහිපයක් සකස් කර ඇති බවයි පොලීසිය මහජනතාවට දැනුම්දෙන්නේ.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් දිවයින පුරා විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළා.

මහජනතාවගේ ආරක්ෂාව සඳහා වෙසක් කළාප ආශ්‍රිතව පොලිස් නිලධාරීන් සහ බුද්ධි නිලධාරීන් සිවිල් ඇඳුම්වලින් යෙදවිමට කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.