අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද

dodampahala-chandrasiri-thero

අපවත්වී වදාල අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (21) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරීමට නියමිතව ඇති බවයි අමරපුර මහ සංඝ සභාව සඳහන් කළේ.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහ නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහ නාහිමියන් පසුගිය 16 වනදා අපවත් වූ අතර අපවත් වන විට උන්වහන්සේ 84 වන වියේ පසු වුණා.