ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා සැප්තැම්බර් මස 04 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.
කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන්ට ලබාදී තිබෙන ස්ථාන මාරුව බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ඔහු මෙම පෙත්සම ගොනුකර ඇති බවයි සඳහන් වන්නේ.
වෙනත් නඩු විභාගයක් අද (03) දින පැවැත්වීමට නියමිත හෙයින් මෙම පෙත්සම සලකා බැලීම කල් තබන බවයි විනිසුරු මඬුල්ල සඳහන් කළේ.

