අගමැති හරිනි දිවයිනට පැමිනෙයි….

News Iamges.00_00_00_08.Still853

ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ.

අග්‍රාමාත්‍යවරිය ඊයේ (18) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු සඳහන් කළේය.

නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 16 වනදා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබුණි.

සිය සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමඟ මෙන්ම එරට ඉහළ පෙළේ නායකයින් සමඟ සාකච්ඡා සිදුකළාය.

එමෙන්ම ඉන්දියාවේ NDTVආයතනය මගින් සංවිධානය කළ සම්මන්ත්‍රණයක දේශනය ද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් සිදුකරනු ලැබුවාය.